AFC Banner
Empty Ad
Empty Ad

2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් දසදෙනෙක් ඇප මුදල් තැන්පත් කෙරේ

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01) පස්වරුව වනවිට අපේක්ෂකයින් 10 දෙනෙක් ඇප මුදලක් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ස්වාධීන අපේක්ෂකයින් තිදෙනෙක් සහ පිළිගත් දේශපාල පක්ෂ සහ කණ්ඩායමේ නියෝජනය කරමින් අපේක්ෂකයින් හත්දෙනෙක් ඒ අතර වනවා.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ඇප මුදලක් තැන්පත් කිරීම අගෝස්තු මස අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වනවා.

අද දිනයේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරයා සඳහා මෝටර් රථය ලකුණින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට නියමිතයි.

ඊට අමතරව එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය සහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කේ.කේ. පියදාස මහතා ද අද (01) දිනයේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර කළා.

එමෙන්ම රුහුණු ජනතා පෙරමුණේ අජන්ත ද සොයිසා ද අද දිනයේ සිය ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

WhatsApp Image 2024 08 01 at 5.29.39 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?