AFC Banner
Empty Ad
Empty Ad

අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය බංගලීන්ට

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට බංග්ලාදේශය සමත් වුණා.

අද (26) තරගය පස්වරු 02ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

මේ වනවිට කාසියේ වාසියේ අවස්ථාව උරගා බලා අවසන් අතර; එම තීරණයට අනුව බංග්ලාදේශ නායිකා Nigar Sultana තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

ඒ අනුව බංග්ලාදේශය පළමුවෙන් ම පන්දුවට පහරදෙනු ඇති.

බංග්ලාදේශය මෙවර ආසියානු කුසලානයේ බී කාණ්ඩය යටතේ තරග කළා.

ඉන්දීය කතුන් ඒ කාණ්ඩයෙන් තරග කළ අතර ඔවුන් අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

නමුත් බංග්ලාදේශය මූලික වටයේ මුහුණ දුන් තරග 03න් 02ක් ජයගත් අතර, ඔවුන් ශ්‍රී ලංකාව හමුවේයි පරාජයට පත් වූයේ.

අද තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 28 වැනි දා අවසන් මහා සටනට සුදුසුකම් ලබනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?