නඩු භාණ්ඩ විනාස කළ නීතිඥවරුන්ට එරෙහිව නඩුවක් ගොනු වෙයි

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට හානි කළ නීතිඥවරුන් දෙදෙනෙකුට එරෙහි ව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර විභාග වෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට මෙලෙස හානි පමුණුවා ඇති බවයි.

නීතිඥවරු දෙදෙනෙකුට එරෙහි ව වූ එම නඩුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කෙරුණා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීක දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙලෙස නඩු පැවරීමට ලක් ව ඇති නීතිඥවරු දෙදෙනා; කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර විභාග වෙමින් පැවැති නඩුවක විත්ති පාර්ශ්වයේ ව්‍යාපාරිකයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයින් දෙදෙනෙකු බවයි.

ඉකුත් දා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ වැටලීමක දී කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී වස යෙදූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා පාන් පිටි තොගයක් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණා.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ ව්‍යාපාරිකයාට එරෙහි ව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පියවර ගැනුණා.

අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර දී එකී නඩුවේ විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු එම නඩුවට අදාළ නඩු භාණ්ඩවලට හානි කර තිබූ බව ද, එලෙස නඩු භාණ්ඩවලට හානි කිරීමේ චෝදනා යටතේ අදාළ නීතිඥවරුන් දෙදෙනාට එරෙහිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55