Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නඩු භාණ්ඩ විනාස කළ නීතිඥවරුන්ට එරෙහිව නඩුවක් ගොනු වෙයි

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට හානි කළ නීතිඥවරුන් දෙදෙනෙකුට එරෙහි ව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර විභාග වෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට මෙලෙස හානි පමුණුවා ඇති බවයි.

නීතිඥවරු දෙදෙනෙකුට එරෙහි ව වූ එම නඩුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කෙරුණා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීක දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙලෙස නඩු පැවරීමට ලක් ව ඇති නීතිඥවරු දෙදෙනා; කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර විභාග වෙමින් පැවැති නඩුවක විත්ති පාර්ශ්වයේ ව්‍යාපාරිකයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයින් දෙදෙනෙකු බවයි.

ඉකුත් දා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ වැටලීමක දී කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී වස යෙදූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා පාන් පිටි තොගයක් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණා.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ ව්‍යාපාරිකයාට එරෙහි ව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පියවර ගැනුණා.

අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර දී එකී නඩුවේ විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු එම නඩුවට අදාළ නඩු භාණ්ඩවලට හානි කර තිබූ බව ද, එලෙස නඩු භාණ්ඩවලට හානි කිරීමේ චෝදනා යටතේ අදාළ නීතිඥවරුන් දෙදෙනාට එරෙහිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
ජනාධිපතිතුමා චීනය බලා පිටත්ව යයි
01:57
Video thumbnail
සාර්ථක පවුල් ජීවිතයේ රහස
05:06
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:20:16
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පොහොයදා යුගාසන කාව්‍යමය ධර්ම දේශනය - සජීවීව
01:12:56
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40

?