AFC Banner
Empty Ad
Empty Ad

ගල් වළක දිය නෑමට ගිය මවක් මරුට – දරුවන් දෙදෙනා අතුරුදන්

තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වටස අවුරුදු 33ක කාන්තාවක් වන අතර, අතුරුදන්ව සිටින වයස අවුරුදු 14ක සහ 09ක දරුවන් ළමුන් දෙදෙනා ඇයගේ දරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් තිදෙනා ඊයේ (21) පස්වරු 6.00ට පමණ මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය කාන්තාවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර, ළමුන් දෙදෙනාගේ සිරුරු හමු වී නැහැ.

දියේ ගිලී අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වනවිටත් ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් අරඹා ඇති බවයි තිස්සමහාරාම පොලිසිය පැවසුවේ.

මෙම මව සහ දරුවන් දෙදෙනා කාවන්තිස්සපුර, සාමගුලියම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?