ගල් වළක දිය නෑමට ගිය මවක් මරුට – දරුවන් දෙදෙනා අතුරුදන්

තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වටස අවුරුදු 33ක කාන්තාවක් වන අතර, අතුරුදන්ව සිටින වයස අවුරුදු 14ක සහ 09ක දරුවන් ළමුන් දෙදෙනා ඇයගේ දරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් තිදෙනා ඊයේ (21) පස්වරු 6.00ට පමණ මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය කාන්තාවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර, ළමුන් දෙදෙනාගේ සිරුරු හමු වී නැහැ.

දියේ ගිලී අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වනවිටත් ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් අරඹා ඇති බවයි තිස්සමහාරාම පොලිසිය පැවසුවේ.

මෙම මව සහ දරුවන් දෙදෙනා කාවන්තිස්සපුර, සාමගුලියම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39