AFC Banner
Empty Ad
Empty Ad

මයික්‍රොසොෆ්ට් ඇනහිටීමෙන් 2024 ඔලිම්පික් මෙහෙයුම්වලට බාධා

ගෝලීය මයික්‍රොසොෆ්ට් ඇනහිටීමත් සමඟ 20244 පැරිස් ඔලිම්පික් හි තොරතුරු තාක්ෂණ මෙහෙයුම්වලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට සතියකට පෙර පැරිස් ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුව මෙම ඇනහිටීමේ බලපෑම පිළිබඳව දැනුම් දෙනු ලැබුවා.

“මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා අපි හදිසි සැලසුම් සක්‍රීය කර ඇත,” යනුවෙන් ඔලිම්පික් සංවිධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එහි මෙහෙයුම්වලට මෙම ඇනහිටීම බලපෑවේ කෙසේද යන්න පිළිබඳව විස්තර සපයා නොමැති අතර, පැරිස් ඔලිම්පික් උළෙල 2024 ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත් වෙනවා.

මෙම දැවැන්ත මයික්‍රොසොෆ්ට් ඇනහිටීමක් ලොව පුරා පරිගණක පද්ධති මත විනාශයක් මුදා හැරි අතර, ගුවන් ගමන්, කොටස් වෙළඳපොළ කටයුතු, බැංකු කටයුතු, රෝහල් කටයුතු ආදී හදිසි සේවා රැසක් අඩාල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?