මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වර්ගයක් ගැන දැනුම්දීමක්

මේ දිනවල දරුවන් අතර උණ හා කැස්ස මෙන් ම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ ව දැඩි අවධානයෙන් පසුවන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ; මේ සමග ම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේ ද වර්ධනයක් දැකගත හැකි බවයි.

ශීත දේශගුණයක් සහිත රටවල්වල ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදෙන බවත් මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බව ද හෙතෙම පවසනවා.

එමෙන්ම මෙම වයස් කාණ්ඩයන් හි රෝගීන් සඳහා මෙම වෛරසය වැළඳුණහොත් එය අතිශය භයානක විය හැකි බවයි වෛද්‍ය දීපාල් පෙන්වා දෙන්නේ.

නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීම සේ ම එහි අවසානය දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කිරීම විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්‍යය බවත්; එම රෝග ලක්ෂණ ඇති කිසිවෙක් එළිමහනේ ගැවසීම හෝ අධ්‍යයන මධ්‍යස්ථාන සහ රැකියා මධ්‍යස්ථාන, පොදු ස්ථාන වෙත විවෘත නොවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43