මන්ත්‍රී නාමල් සහ මහේල අම්බානි පුතුගේ මගුල් ගෙදර ගිහින් (ඡායාරූප)

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බාල පුත් ආනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍ය ඇති උත්කර්ෂවත් අයුරින් ඊයේ (12) මුම්බායි හිදී ආරම්භ වුණා.

දින තුනක් පුරා පැවැත්වෙන මම අති දැවැන්ත විවාහ මංගල උත්සවය සඳහා ලොවපුරා සිටින ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසකට ඇරයුම්කර තිබෙනවා.

මෙම විවාහ මංගල්‍ය සඳහා මෙරටින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්වන සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ද ඇරයුම් ලැබී ඇති බව සඳහන්.

ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිඳ සමඟ ඊයේ දිනයේ ආනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම මහේල ජයවර්ධන ද මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හිපැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පුද්ගලික හේතුවෙක් මත සනත් ජයසූරියට මෙම මංගල උත්සවය සඳහා සහභාගීවීමට නොහැකි වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, සම්බන්ධයෙන් සනත් සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් පවසා තිබුණේ ආනන්ට් සහ රාධිකාගේ මෙම විශේෂ අවස්ථාවට සහභාගීවීමට නොහැකිවීම ගැන කණගාටුවට පත්වන බවයි.

ආනන්ට් සහ රාධිකාගේ මෙම විවාහ මංගල්‍ය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600 කට වැඩි මුදලක් වැයකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගෝලීය ව්‍යාපාරික නායකයින් විශ්වාස කරන්නේ අම්බානිවරුන් උපායමාර්ගිකව වැදගත්කමක් සහිතව මෙම විවාහ මංගල උත්සවය සැලසුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?