සංගීතයේ සාරවිට වෙළෙන්ඳා සමඟ ඇති වූ ආරවුල මරණයකින් කෙළෙවර වෙයි – 05ක් රෝහලේ (වීඩියෝ)

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී සංගීත සංදර්ශනයක් අතර තුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ සිදු වූ මෙම ගැටුමෙන් තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වීරකැටිය සහ තංගල්ල යන රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (12) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ සිටි පිරිසක් සහ සංදර්ශන භූමියේ සාරවිට වෙළෙන්දෙකු අතර ඇති වූ ආරවුලක් විසඳීම සඳහා සංවිධායක මණ්ඩලයේ අයෙකු මැදිහත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පිරිස විසින් සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට පහරදීමත් සමඟ සංවිධායක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් විසින් පිහියකින් පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ දී හයදෙනෙක තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, එලෙස රෝහල් ගතකර පිරිසෙන් අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරයාය දකුණ, වෑකඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් එක් සක්කරුවෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57