කොලොන්න වෙඩි තැබීමේ වෙඩික්කරුවන් කොටුවෙයි – ඝාතකයින් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයින් (වීඩියෝ හා ඡායාරූප)

පසුගිය 09 වැනි දින රාත්‍රියේ ඇඹිලිපිටිය පොලිස් වසමේ කොලොන්න – අප්ටන් වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (12) පෙරවරුවේ මෙම වෙඩික්කරුවන් දෙදෙනාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ද සොයා ගැනුණා.

ජුනි 09 වැනි දින රාත්‍රී කාලයේ දී කොලොන්නාවේ පිහිටි නිවසකට පැමිණි මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා ගෙහිමි බිරිඳගෙන් විමසා ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා සිටින්නේ ද යන්නයි.

එම අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත් පුද්ගලයා නිවසින් පිටතට පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා නිවසින් පිටතට පැමිණීමත් සමග නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා විසින් වෙඩි තබා ගෙහිමියාව ඝාතනය කෙරුණා.

පසුව ඔවුන් ඝාතනයට පැමිණි යතුරුපැදියෙන් ම පලා ගිය බවයි වාර්තා වූයේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ 61 හැවිරිදි එස්. බී කුමාරසේන නමැති අප්ටන් වත්ත – උල්ලිඳුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I මගින් සිදු කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ මිද්දෙනිය පොලිස් වසමේ මාක්ස් ඇටිටිවු, තොරගලයාය ඇඟළුම් ආයතනය අසල දී බවයි වාර්තා වන්නේ.

රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැළෑ මහින්ද නමැති පුද්ගලයා හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සදකැළුම් ජයවර්ධන නමැති පුද්ගලයෙකු වෙඩික්කරුවන් වශයෙන් හඳුනා ගැනුණු අතර ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජීව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැක කරන අංක BCF 1681 දරණ යතුරු පැදිය හා ජංගම දූරකථන 03ක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවත් හෙළි ව තිබෙනවා.

රොටුඹ අමිල නමැත්තාගේ ලොකු අම්මා වෙත පහරදීමක් සම්බන්ධ ව එයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඝාතනය සඳහා රොටුඹ අමිල නමැත්තා විසින් ලක්ෂ 04 ක් මුදල් හා හෙරොයින් ලබා දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායම සමග සෘජු සබඳතා පවත්වන බවයි හෙළි ව ඇත්තේ.

මොවුන් දෙදෙනා මීට පෙර ද මංකොල්ලකෑම්, පහරදීම් හා මනුෂ්‍ය ඝාතන සඳහා රක්ෂිත බන්ධනාගාරගත ව සිට තවමත් නඩු කිහිපයක් ඔවුන් නමින් විභාග වෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

WhatsApp Image 2024 07 12 at 09.34.15 2
WhatsApp Image 2024 07 12 at 09.34.14 1
WhatsApp Image 2024 07 12 at 09.34.16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16