නිරිතදිග ප්‍රදේශවල වැස්සේ වැඩිවීමක්

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 ක පමණ තද සුළං ද ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39