කැරම් බෝඩ් නඩුවේ විත්තිවාචකය කැඳවීමට නියෝගයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිල දී ගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

මෙම නඩුවේ විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද ?නැත්නම් විත්තිවාචකය කැඳවනවා ද යන නියෝගය ප්‍රකාශ කරමින් අමල් රණරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඉන් අනතුරුව විත්තිවාච්චිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශ්වයට නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09