AFC Banner
Empty Ad
Empty Ad

භූගත බංකරයකින් යුද බෝම්බ හා අවි මතුවෙයි

පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ භාවිතා කිරීම සඳහා වළ දමා තිබූ භුගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ කරදියනාරු ප්‍රදේශයේ දී යි.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාලච්චේන, වවුනතිවු, කලවංචිකුඩි හා කල්ලඩි කදවුරේ නිලධාරින් සමග ඒකාබද්ධ ව ඊයේ (10) කරදියනාරු පොලිස් වසමේ වෙප්පවෙට්ටුවාන්, කාරකාඩු ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කෙරුණා.

එහි දී එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක AR/655/2024 දරන නියෝගයට අනුව පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ වළ දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසියට භාර කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?