භූගත බංකරයකින් යුද බෝම්බ හා අවි මතුවෙයි

පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ භාවිතා කිරීම සඳහා වළ දමා තිබූ භුගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ කරදියනාරු ප්‍රදේශයේ දී යි.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාලච්චේන, වවුනතිවු, කලවංචිකුඩි හා කල්ලඩි කදවුරේ නිලධාරින් සමග ඒකාබද්ධ ව ඊයේ (10) කරදියනාරු පොලිස් වසමේ වෙප්පවෙට්ටුවාන්, කාරකාඩු ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කෙරුණා.

එහි දී එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක AR/655/2024 දරන නියෝගයට අනුව පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ වළ දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසියට භාර කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55