බ්‍රිතාන්‍ය අලුත් අගමැතිට ඉන්දීය සංචාරයකට මෝදිගෙන් ඇරයුම්

හැකි පළමු අවස්ථාවේ දී ම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් රාජධානියේ අගමැති ධුරයට තේරී පත් වූ ශ්‍රීමත් කේයර් ස්ටාර්මර් හට ඇරයුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ; නව ධුරයට පත් ස්ටාමර් හට සුබ පැතීමට මෝදි දුරකතන ඇමතුමක් ලබා දුන් බවයි.

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කිරීමට නායකයින් දෙදෙනා එකඟ වී තිබෙනවා.

නායකයින් දෙදෙනාම දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කළ අතර ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට සහ ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එක්සත් රාජධානියේ සමාජ, ආර්ථික සහ දේශපාලන සංවර්ධනය සඳහා ඉන්දියානු ප්‍රජාවේ ධනාත්මක දායකත්වය අගය කළ දෙපාර්ශ්වය ම ජනතාව අතර සමීප සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට එකඟ වුණා.

ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට දෙරට කැපවී සිටින බව ද අගමැති මෝදි පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?