බ්‍රිතාන්‍ය අලුත් අගමැතිට ඉන්දීය සංචාරයකට මෝදිගෙන් ඇරයුම්

හැකි පළමු අවස්ථාවේ දී ම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් රාජධානියේ අගමැති ධුරයට තේරී පත් වූ ශ්‍රීමත් කේයර් ස්ටාර්මර් හට ඇරයුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ; නව ධුරයට පත් ස්ටාමර් හට සුබ පැතීමට මෝදි දුරකතන ඇමතුමක් ලබා දුන් බවයි.

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කිරීමට නායකයින් දෙදෙනා එකඟ වී තිබෙනවා.

නායකයින් දෙදෙනාම දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කළ අතර ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට සහ ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එක්සත් රාජධානියේ සමාජ, ආර්ථික සහ දේශපාලන සංවර්ධනය සඳහා ඉන්දියානු ප්‍රජාවේ ධනාත්මක දායකත්වය අගය කළ දෙපාර්ශ්වය ම ජනතාව අතර සමීප සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට එකඟ වුණා.

ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට දෙරට කැපවී සිටින බව ද අගමැති මෝදි පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21