AFC Banner
Empty Ad
Empty Ad

ගජමුතු දෙකක් හොර රහසේ අලෙවියට සැරසෙද්දී STF දැලේ පැටලෙයි

වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම, කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව පන්නල පොලිස් වසමේ දී මෙම වැටලීම සිදුකළ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එහි දී වටිනා ගජමුතු 02 ක් අලෙවි කිරීමට සූදානම්ව සිටි වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයකු හා වඩුමුනේගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පුද්ගලයෙකු සමඟ වයස අවුරුදු 33ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව යතුරුපැදි දෙකක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?