ගජමුතු දෙකක් හොර රහසේ අලෙවියට සැරසෙද්දී STF දැලේ පැටලෙයි

වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම, කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව පන්නල පොලිස් වසමේ දී මෙම වැටලීම සිදුකළ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එහි දී වටිනා ගජමුතු 02 ක් අලෙවි කිරීමට සූදානම්ව සිටි වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයකු හා වඩුමුනේගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පුද්ගලයෙකු සමඟ වයස අවුරුදු 33ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව යතුරුපැදි දෙකක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14