AFC Banner
Empty Ad
Empty Ad

ගින්නක් නිසා වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය යළි ඇරේ (වීඩියෝ)

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය මේ වනවිට (05) යළි විවෘත කර තිබෙනවා.

මෙම ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙලෙසමාර්ගය තාවකාලිකව වසා දැමීමටයි පොලිසිය කටයුතු කළේ.

අද අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර එහි හිමිකරුවන් ප්‍රකාශ කළේ අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවයි.

කෙසේවෙතත් මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකක සහ පොලිසිය මැදිහත් ව මේ වනවිට ගින්න පැතිරීම පාලනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?