AFC Banner
Empty Ad
Empty Ad

රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙති

කරුණු දෙකක් මුල්කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය, ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බවයි එම වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගැනීම, රේගු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදුකර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමට සැරසීම යන කරුණු දෙකට එරෙහිව ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?