රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙති

කරුණු දෙකක් මුල්කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය, ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බවයි එම වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගැනීම, රේගු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදුකර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමට සැරසීම යන කරුණු දෙකට එරෙහිව ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37