AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ රේගු කටයුතු ශක්තිමත් කිරීමට චීනයේ උදව්

ආරක්ෂාව, නිවරද්‍යතාව සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසනවා.

චීනයේ රේගු පරිපාලන කටයුතු පිළිබඳ උප අමාත්‍ය වැං ලිංජුන් පවසන්නේ පියවර තුනක් ඔස්සේ මෙම කටයුතු සිදුකිරීමට චීන රජය සූදානම් බවයි.

උප අමාත්‍ය වැං ලිංජුන් ඇතුළු දූත පිරිස අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවැති හමුවක දී මෙම අදහස් පළ කළා.

සුහුරු රේගු ව්‍යාපෘතිය (Smart Customs Project) යටතේ එකම මාර්ගගත වේදිකාවක් තුළ ලොව සෙසු රටවල් සමඟ සහයෝගීතාවයෙන් රේගු කටයුතු කිරීමේ ක්‍රමවේදය චීනය අනුගමනය කරන බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට ද එහි ඵලදායි ප්‍රතිඵල ලබාදීමට සූදානම් බව පැවසුවා.

මීට අමතරව තනි කවුළු (Single Window) ක්‍රමවේදය යටතේ තත්ත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරමින් සහයෝගය ලබාදීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

මීට අමරතව මෙරට රේගු ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමට සූදානම් බව ද ඒ උප අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එහි දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ චීනය සියවස් ගණනාවක සිට ශ්‍රී ලංකාව සමග පවත්වන සබඳතා මෙම කටයුුතු සමග තව දුරටත් ශක්තිමත් වන බවයි.

කොවිඩ් වසංගතයේ දී සේම ආර්ථික අර්බුදය හමුවේ ද ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දුන් චීනය ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ දී ලබා දුන් ප්‍රමුඛ දායකත්වය අගය කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?