ශ්‍රී ලංකාවේ රේගු කටයුතු ශක්තිමත් කිරීමට චීනයේ උදව්

ආරක්ෂාව, නිවරද්‍යතාව සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසනවා.

චීනයේ රේගු පරිපාලන කටයුතු පිළිබඳ උප අමාත්‍ය වැං ලිංජුන් පවසන්නේ පියවර තුනක් ඔස්සේ මෙම කටයුතු සිදුකිරීමට චීන රජය සූදානම් බවයි.

උප අමාත්‍ය වැං ලිංජුන් ඇතුළු දූත පිරිස අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවැති හමුවක දී මෙම අදහස් පළ කළා.

සුහුරු රේගු ව්‍යාපෘතිය (Smart Customs Project) යටතේ එකම මාර්ගගත වේදිකාවක් තුළ ලොව සෙසු රටවල් සමඟ සහයෝගීතාවයෙන් රේගු කටයුතු කිරීමේ ක්‍රමවේදය චීනය අනුගමනය කරන බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට ද එහි ඵලදායි ප්‍රතිඵල ලබාදීමට සූදානම් බව පැවසුවා.

මීට අමතරව තනි කවුළු (Single Window) ක්‍රමවේදය යටතේ තත්ත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරමින් සහයෝගය ලබාදීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

මීට අමරතව මෙරට රේගු ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමට සූදානම් බව ද ඒ උප අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එහි දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ චීනය සියවස් ගණනාවක සිට ශ්‍රී ලංකාව සමග පවත්වන සබඳතා මෙම කටයුුතු සමග තව දුරටත් ශක්තිමත් වන බවයි.

කොවිඩ් වසංගතයේ දී සේම ආර්ථික අර්බුදය හමුවේ ද ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දුන් චීනය ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ දී ලබා දුන් ප්‍රමුඛ දායකත්වය අගය කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

  1. ඹවු හොදට උදවු දෙන්න ඕනේ කස්ටම් එකේ ඉන්⁣නෙ ලංකාවෙ නොම්මර එකේ අහිංසක අසරණ හොර රැළක්….පවු මුන් රටෙන් බාගයක්ම කන්නේ මුං…🫣🫣🫣🫣🫣🫣🫣



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33