වීසා නොමැති ව මෙරට රැදුණු ඉතාලි කත රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉතාලි ජාතික කාන්තාවක් මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ මහනුවර නගරයේ දී යි.

සංචාරක වීසා මත පසුගිය වසරේ ඔක්තොම්බර් මස 30 දින මෙරටට පැමිණ තිබෙන ඇයගේ වීසා කාලය එම වසරේ නොවැම්බර් මස 28 දිනෙන් අවසන් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

වයස අවුරුදු 33 ක් වන ඇය සිය වීසා අවසන් වීමෙන් පසුව ද මෙරට රැඳී සිට ඇති අතර පසුගියදා මහනුවරට පැමිණ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

ගමන් බෑගය ඇතුළු භාණ්ඩ හෝටල් කාමරයේ තබා ඊයේ දින පෙරවරුවේ ඇය සංචාරක හෝටලයෙන් පිටව ගොස් ඇති අතර; පස්වරුව වන විටත් ඇය හෝටලයට නොපැමිණීම නිසා එහි කළමනාකරු ඒ සම්බන්ධ ව මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇයව මහනුවර නගරයේ දී හඳුනාගෙන ප්‍රශ්න කෙරුණේ මෙවන් පසුබිමකදීයි.

එහිදී ඇය වීසා නොමැති ව මෙරට රැඳී සිටින බව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි ව තිබෙනවා.

ඉන් අනතුරුව සංචාරක පොලිසිය මගින් මහනුවර අධිකරණයට සැකකාර ඉතාලි ජාතික කාන්තාව ඉදිරිපත් කෙරුණු අතර හෙට (02) දින තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03