logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වීසා නොමැති ව මෙරට රැදුණු ඉතාලි කත රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉතාලි ජාතික කාන්තාවක් මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ මහනුවර නගරයේ දී යි.

සංචාරක වීසා මත පසුගිය වසරේ ඔක්තොම්බර් මස 30 දින මෙරටට පැමිණ තිබෙන ඇයගේ වීසා කාලය එම වසරේ නොවැම්බර් මස 28 දිනෙන් අවසන් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

වයස අවුරුදු 33 ක් වන ඇය සිය වීසා අවසන් වීමෙන් පසුව ද මෙරට රැඳී සිට ඇති අතර පසුගියදා මහනුවරට පැමිණ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

ගමන් බෑගය ඇතුළු භාණ්ඩ හෝටල් කාමරයේ තබා ඊයේ දින පෙරවරුවේ ඇය සංචාරක හෝටලයෙන් පිටව ගොස් ඇති අතර; පස්වරුව වන විටත් ඇය හෝටලයට නොපැමිණීම නිසා එහි කළමනාකරු ඒ සම්බන්ධ ව මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇයව මහනුවර නගරයේ දී හඳුනාගෙන ප්‍රශ්න කෙරුණේ මෙවන් පසුබිමකදීයි.

එහිදී ඇය වීසා නොමැති ව මෙරට රැඳී සිටින බව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි ව තිබෙනවා.

ඉන් අනතුරුව සංචාරක පොලිසිය මගින් මහනුවර අධිකරණයට සැකකාර ඉතාලි ජාතික කාන්තාව ඉදිරිපත් කෙරුණු අතර හෙට (02) දින තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
00:00
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
"මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතව ගෝඨාභය රාජපක්ෂ" #sjb
08:36
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් ධම්මික පෙරේරාට අභියෝගයක්...#npp #nalindajayatissa #akd
09:40
Video thumbnail
"ලෙනව සහ රංගේ බණ්ඩාරගේ සම්බන්ධයක් තියනවා" #sjb #mujibar
10:12
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31
Video thumbnail
කොළඹ මහාධිකරණයෙන් කෙහෙළියට ලැබුණු නියෝගය
01:38
Video thumbnail
නිකවැරටියේ මාලිමාවේ ගොවි රැළිය
02:08
Video thumbnail
රෝහිත අබේගුණවර්ධන හෙට කරන්න යන අමුතු වැඩේ - "මම උඩුගම් බලා පීනපු කෙනෙක්"
10:09

?