AFC Banner
Empty Ad
Empty Ad

ගුරු – විදුහල්පති වර්ජනය අදත් ක්‍රියාත්මකයි

ගුරු – විදුහල්පති වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක යි.

ඊයේ (26) උදෑසන සිට මෙම වර්ජනය දිවයින පුරා සිටින සියලුම ගුරු විදුහල්පතිවරුන් විසින් සිදු කරනු ලබනවා.

සිය ඉල්ලීම් මුල් කරගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, ස්ථාන මාරු සහ වෙනත් වෘත්තීය අයිතීන් වෙනුවෙනුයි ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.

අද දිනයේ දී ද ගුරු – විදුහල්පතිවරුන් දීප ව්‍යාප්ත ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ දිනයේ දී දිවයිනේ ගුරු – විදුහල්පතිවරු සිය වෘත්තීය සමිති සමග කොළඹ කොටුව පැවති උද්ඝෝෂණයට එක් වුණා.

එහිදී එම විරෝධතාවට පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර; එම පහරදීමට එරෙහිවයි අද දිනයේදීත් මෙලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේදී දිවයින පුරා පාසල්වල නිසි පරිදි අධ්‍යයන කටයුතු සිදු නොකෙරුණේ මෙම වැඩ වර්ජනය හේතුවෙන්.

දිවයිනේ බොහෝ පාසල්වල සිසු දරුවන් පාසලට පැමිණ ගුරුවරු නොමැති වීම හේතුවෙන් යළිත් නිවෙස් කරා ගිය බව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා.

කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලු ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ රාත්‍රියේ දී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?