ගුරු – විදුහල්පති වර්ජනය අදත් ක්‍රියාත්මකයි

ගුරු – විදුහල්පති වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක යි.

ඊයේ (26) උදෑසන සිට මෙම වර්ජනය දිවයින පුරා සිටින සියලුම ගුරු විදුහල්පතිවරුන් විසින් සිදු කරනු ලබනවා.

සිය ඉල්ලීම් මුල් කරගනිමින් ගුරු – විදුහල්පතිවරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, ස්ථාන මාරු සහ වෙනත් වෘත්තීය අයිතීන් වෙනුවෙනුයි ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.

අද දිනයේ දී ද ගුරු – විදුහල්පතිවරුන් දීප ව්‍යාප්ත ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ දිනයේ දී දිවයිනේ ගුරු – විදුහල්පතිවරු සිය වෘත්තීය සමිති සමග කොළඹ කොටුව පැවති උද්ඝෝෂණයට එක් වුණා.

එහිදී එම විරෝධතාවට පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර; එම පහරදීමට එරෙහිවයි අද දිනයේදීත් මෙලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේදී දිවයින පුරා පාසල්වල නිසි පරිදි අධ්‍යයන කටයුතු සිදු නොකෙරුණේ මෙම වැඩ වර්ජනය හේතුවෙන්.

දිවයිනේ බොහෝ පාසල්වල සිසු දරුවන් පාසලට පැමිණ ගුරුවරු නොමැති වීම හේතුවෙන් යළිත් නිවෙස් කරා ගිය බව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා.

කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලු ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ රාත්‍රියේ දී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08