කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා දෙවැනි 20-20 ට වර්ෂාවෙන් බාධා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

අද (26) තරගය හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී ඇරඹුණේ කොදෙව්වන්ට කාසියේ වාසිය ද හිමිකර දෙමින්.

ඒ අනුව කොදෙව් නායිකා Hayley Matthews තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පිරිසට අවස්ථාව ලබාදීමටයි.

කොදෙව් ක්‍රීඩිකාවන්ගේ ඇරයුම පිළිගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වර්ෂාව ඇදහැලෙන විට පන්දුවාර 15කුත් පන්දු 02ක් අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 89ක් ලබාගෙන සිටියා.

05 වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටියේ හසිනි පෙරේරා සමගින් කවීෂා දිල්හාරි යි.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව් ක්‍රීඩිකාවන් වෙනුවෙන් Afy Fletcher ලකුණු 23කට කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

දෙරට අතර නිමාවට පත් වූ පළමු ටී20 තරගයේ ජය ද හිමිවූයේ කඩුලු 04කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටයි.

අද තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගතහොත් පන්දුවාර 20 තුන් තරගාවලියේ තරග 2-0ක් ලෙස වේලාසනින් ම ශූරතාව හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23