AFC Banner
Empty Ad
Empty Ad

රෂිඩ් ඛාන්ගෙන් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරගයක් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි කිංග්ස්ටන් හිදී ක්‍රියාත්මකයි.

ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගයේ දී ඇෆ්ගනිස්ථාන නායක රෂිඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ සුපිරි වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, අඩුම විස්සයි විස්ස තරග සංඛ්‍යාවකින් විස්සයි විස්ස කඩුලු 150 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

රෂිඩ් ඛාන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 92ක මෙම කඩුලු 150 සංඛ්‍යාව දවාගෙන තිබෙනවා.

මීට පෙර ජගත් විස්සයි විස්ස පිටියේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 150 සීමාවට ළඟා වී තිබුණේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති යි.

ඔහුට 20-20 කඩුලු 150 සීමාවට ළඟා වී තිබුණේ තරග 118ක් ක්‍රීඩා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
50
+1
4
+1
9
+1
8
+1
1
+1
3
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?