ඇෆ්ගන් ජයෙන් පසු ඇමති අලි සබ්‍රි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳ හැටි කියාදෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දක්ෂතාවය සහ ස්ථිරභාවය හේතු වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි ස්බ්‍රි පවසනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (23) ලැබූ ජයග්‍රහණයෙන් පසු සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අවම පහසුකම් සහිතව ලබාගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ නොනැසී පවතින ආත්මය සහ ආශාව පිළිබඳ සාක්ෂියක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ජයග්‍රහණය 1996 දී ශ්‍රී ලංකාව නොපසුබස්නා කැපවීමෙන් සහ රටට මුල්තැන දීමේ ඒකායන අරමුණෙන් ජයග්‍රහණය සිහිපත් කරන බව ද ඔහු පවසනවා.

එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩකන්, පුහුණුකරුවන්, අනුග්‍රාහකයන් පොදු සිහිනයක් බෙදාගත් බවත්, මේ වනවිට එම යුගය අවසන්ව මූල්‍යමය වාසි, පුද්ගලික පිළිගැනීම්, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව යටපත් කර ඇති බව අමාත්‍යවරයා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම බාහිර චේතනාවන් ආක්‍රමණය කිරීම හේතුවෙන් අපගේ ආදරණීය ක්‍රිකට් උඩු යටිකුරු කර, වරක් අපව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ගිය මාවතෙන් බොහෝ දුරස් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණය සැමරීමේදී, අපගේ උරුමය නැවත ලබාගැනීමට ද ආශ්වාදයක් ලබාගත් බව පවසන අමාත්‍යවරයා අපගේ ක්‍රිකට් ප්‍රජාව සහ නායකත්වය තුළ අඛණ්ඩතාව සහ අව්‍යාජ ආශාව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් ශ්‍රී ලංකාවට යළිත් වරක් කණ්ඩායමක් ලෙස නොව ක්‍රිකට් ලෝකයේ එකමුතුකමේ සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස කීර්තියට පත්විය හැකි බවයි පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
5
+1
84
+1
5
+1
6
+1
6
+1
19
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01