දසත බෝපත මෙත්මුණි සෑ පොසොන් කලාපය අදින් ඇරඹෙයි – සත් දිනක් ක්‍රියාත්මකයි (වීඩියෝ)

පින්බර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වූ දසත මාධ්‍ය ජාලය හා මෙත්මුනි සෑ තරුණ දම් සභාව එක්ව සංවිධානය කරන දසත බෝපත මෙත්මුනි සෑ පොසොන් කලාපය අද (21) සිට සත් දිනක් පුරා මහාරච්චිමුල්ල මෙත්මුනිසෑ පින්බිමේ දී සිදු කෙරෙනවා.

සම්බුදු සිසිල සිරිලක පුරා පැතිරවීමට මුල් වූ මිහිඳු මහා නාහිමියන්ගේ ලංකාගමන සිහිපත් කරන පොසොන් පොහොය යෙදෙන අද දිනයේ දසත බෝපත පොහොය දින විශේෂ වැඩසටහන දවස පුරා මෙත්මුනි මහා සෑ පින්බිමේදී පැවැත්වෙනවා.

දසත බෝපත පුන්පොහෝ දින පුන්‍යමහෝත්සවයට සමගාමීව අලව්ව මහාරච්චිමුල්ල මෙත්මුනි සෑයේ තැන්පත් කිරීම පිණිස තායිලන්තයේ සිට මෙරටට වැඩම කර වූ සම්බුදු පියාණන්ගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ මාතර සිට අලව්වට දින හතක් පුරා රථ පෙරහැරකින් වැඩම කරවූවා.

මාතර බෝධිය අසලින් උත්තම සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා මග දෙපස රැස්වූ අති විශාල බෞද්ධ ජනතාව ඊට දැක්වූවේ සුවිශේෂි වූ ගෞවරයක්.

උතුම් වූ සර්වඥ ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැරේ අවසන් අදියර ආරම්භ කරමින් මහාරච්චිමුල්ල මෙත්මුනි සෑ පින්බිම වෙත පැමිණිම සඳහා  ගිරිඋල්ල – මාහාරගම බෝධිය අසලින් රිය පෙරහර අද පෙරවරුවේ පිටත්වුණා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ‍ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන රිය පෙරහැර මහා සංඝරත්නයේ සියක් නමක් පෙරටු කර ගනිමින් අද පස්වරුවේ අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි සෑය පුදබිමට ළගා වීමට නියමිතයි.

දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්. මධුශංක මහතාගේ සුරතින් එසේ වැඩම කරවන ලද නිසැක උත්තම ධාතුන් වහන්සේ අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ ධාතු මන්දිරයේදී තැන්පත් කරනු ලබනවා.

එතැන් සිට පුරා දින හතක් මුළුල්ලේ තායිලන්තයෙන් මෙරටට වැඩම වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ මහාරහත් ධාතුන් වහන්සේ 15 නමකගේ උත්තම ධාතුන් වහන්සේ පින් සිතින් වන්දනා කිරීමට සුවහසක් බෞද්ධ ජනතාවට අවස්ථාව උදා වනවා.

එලෙසම ලංකාවේ අලංකාරම හා දැවැන්තම තොරණ් රාජයා දැක බලා ගැනීමටත් මෙත්මුණි මහා සෑ පුදබිමට පැමිණෙන ඔබට හැකිවනවා.

සත් දිනක් පුරා දන්සැල් 14ක් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

දසත බෝපත පොසොන් පුන් පසළොස්වක පොහෝ දින පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව අද දවස පුරා අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08