පොසොන් වෙනුවෙන් රැඳවියන් 289ක් නිදහස් කෙරේ (වීඩියෝ)

පොසොන් පොහොය නිමිත්තෙන් අද (21) දිනයේ දී බන්ධනාගාරගත සිරකරුවන් 289 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

එලෙස නිදහස් කළ සිරකරුවන් 289 අතරින් සය දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

මේ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක තහවුරු කළා.

මේ අතර අද දිනයේ දී පොසොන් පොහොයට සමගාමී ව බන්ධනාගාරගත රැඳවියන්ව සිය ඥාතීන්ට විවෘත ව හමුවීම් අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී නිවෙසින් රැගෙන එන ආහාරපාන ආදිය ද සිය රැඳවියාට ලබාදීමට හැකි බවයි පැවසෙන්නේ.

මෙම කටයුතු සියල්ල ම පූර්ණ බන්ධනාගාර නීති රෙගුලාසි සහ ආරක්ෂක පද්ධතිය අනුව සිදු කෙරුණු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?