වව්නියාව තිරුනාවක්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදීගැනීමකදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගන ඇති බවටද වව්නියාව පොලීසිය පවසයි.
තිරුනාවක්කුලම් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා භූමියක තරුණයින් දෙපිරිසක් අතර වූ බහින්බස්වීමක් මෙලෙස දුරදිග ගොස් ඇති අතර පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි තරුණයින් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇත.
එහිදී තරුණයින් දෙදෙනෙකු කැපුම් තුවාල සහිතව වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතරම අදාල පහරදීගැනීම සමබන්ධයෙන් සිදුකල පැමිණිල්ලකට අනුව පහරදීමට සමබන්ධ තිරුනාවක්කුලම් ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගැනීම සිදු විය.
අදාල පහරදීගැනීම පෞද්ගලික ආරවුලක් මත සිදු වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.




