logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ලාංකිකයෙකු නිපද වූ මත්පැන් නිෂ්පාදනයකට එතෙරින් සම්මානයක්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් නිපදවනු ලැබූ මත්පැන් නිෂ්පාදනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඇගයීම් ඔස්ට්‍රේලියාවෙන් හිමි ව ඇති බවයි.

මෙම සම්මානය ඔස්ට්‍රේලියාවේ බියර් සන්නාමයක් වන ‘Two Rupees’ හි සම – නිර්මාතෘ ඩැනී පෙරේරා විසින් දිනාගනු ලැබුවා.

Australian Distilled Spirits සම්මාන උලෙළ පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු අතර එහිදීයි ඔහු මෙම සම්මානය දිනාගත්තේ.

ඔහු විසින් නිපදවූ Gin නිෂ්පාදනයක් New World Contemporary Gin කාණ්ඩය යටතේ (Silver) රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

සිය මිත්‍රයෙකු වන අමිල මෙන්ඩිස් නමැත්තා සමග මෙලෙස බියර් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බවත්; එය 2017 වසරේ දී Two Rupees ලෙස බියර් නිෂ්පාදනයක් ඔස්ට්‍රෙලියානු වෙළෙඳපොළට නිකුත් කළ බවත් හෙතෙම සඳහන් කළා.

මොහු දැනට මෙල්බන්හි පදිංචිව සිටින අතර 2022 වසරේ සිට ජින් නිෂ්පාදනය සඳහා යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඔවුන් අත්හදා බැලීම් සිදු කර තිබුණේ පදිංචිව සිටි නිවසේ ගරාජයේදී වන අතර කොවිඩ් වසංගත සමයේ ඒ සඳහා අත්හදා බැලීම් සිදු කිරීමට ප්‍රමාණවත් කාලය ද ලැබී තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා විසින් සාමාන්‍යයෙන් මාසයකට ජින් ලීටර් 1200ක් පමණ නිෂ්පාදනය කරනවා.

ඒවා මෙල්බන්හි ප්‍රසිද්ධ ආපණශාලා රැසක අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
0
+1
15
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?