ලාංකිකයෙකු නිපද වූ මත්පැන් නිෂ්පාදනයකට එතෙරින් සම්මානයක්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් නිපදවනු ලැබූ මත්පැන් නිෂ්පාදනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඇගයීම් ඔස්ට්‍රේලියාවෙන් හිමි ව ඇති බවයි.

මෙම සම්මානය ඔස්ට්‍රේලියාවේ බියර් සන්නාමයක් වන ‘Two Rupees’ හි සම – නිර්මාතෘ ඩැනී පෙරේරා විසින් දිනාගනු ලැබුවා.

Australian Distilled Spirits සම්මාන උලෙළ පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු අතර එහිදීයි ඔහු මෙම සම්මානය දිනාගත්තේ.

ඔහු විසින් නිපදවූ Gin නිෂ්පාදනයක් New World Contemporary Gin කාණ්ඩය යටතේ (Silver) රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

සිය මිත්‍රයෙකු වන අමිල මෙන්ඩිස් නමැත්තා සමග මෙලෙස බියර් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බවත්; එය 2017 වසරේ දී Two Rupees ලෙස බියර් නිෂ්පාදනයක් ඔස්ට්‍රෙලියානු වෙළෙඳපොළට නිකුත් කළ බවත් හෙතෙම සඳහන් කළා.

මොහු දැනට මෙල්බන්හි පදිංචිව සිටින අතර 2022 වසරේ සිට ජින් නිෂ්පාදනය සඳහා යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඔවුන් අත්හදා බැලීම් සිදු කර තිබුණේ පදිංචිව සිටි නිවසේ ගරාජයේදී වන අතර කොවිඩ් වසංගත සමයේ ඒ සඳහා අත්හදා බැලීම් සිදු කිරීමට ප්‍රමාණවත් කාලය ද ලැබී තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා විසින් සාමාන්‍යයෙන් මාසයකට ජින් ලීටර් 1200ක් පමණ නිෂ්පාදනය කරනවා.

ඒවා මෙල්බන්හි ප්‍රසිද්ධ ආපණශාලා රැසක අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21