මැදපෙරදිගින් ඇහෙන තවත් කඳුලු කතාවක් – ”මට නිරුවතින් නාන්න කියනවා”

මෙරට පවතින ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනෙක් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යොමුවීම පසුගිය කාලය තුළ සුලබව දක්නට ලැබුණා.

නමුත් එහි ගිය ඇතමෙකුට දරන්නට සිදු ව ඇති පීඩා අපමණයි.

මේ මැද පෙරදිගින් ඇසෙන එවැනි තවත් කදුලු කතාවක්.

අනුරාධපුර හොරොව්පතාන – මොරකෑව පදිංචි ශාලිකා ලක්මාලි මීට වසර එක හමාරකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව යන්නේ තම නිවසේ පැවති අනේක විධ දුක් කම්කටොලු තවදුරටත් ඉවසා ගැනීමට නොහැකිවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා ඇය සෞදි අරාබිය බලා පිටත්ව යනවා.

රියාද් නගරයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ඇය ගෘහ සේවය සඳහා රියාද් නගරයේ පිහිටි නිවසකට යොමු කර ඇති අතර එහිදී ඇයට විඳින්නට සිදුව ඇත්තේ කිසිසේත්ම අපේක්ෂා නොකළ තරම් වද බන්ධනයි.

නිවැසියන් ඉදිරියේ නිරුවත්වීමට මෙන්ම නිවැසියන් බලා සිටියදී දියනෑමට පවා සිදු ව ඇතැයි ශාලිකා ලක්මාලි පවසනවා.

ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුරාධපුර කාර්යාලයට මෙන්ම ඇය රැකියාව සඳහා පිටත්ව ගිය කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයට මේ සම්බන්ධයෙන් පැමිණිලි
කර ඇතත් කිසිදු සහනයක් නොලැබුණු බවයි.

  1. පුදුම මාධ්‍ය වාර්තා කිරීමක්…. මූණ වහල…
    ඒ වුනාට ඒ අසරණ කාන්තාවගෙ නම දාල…..අනේමන්ද…

    • මොන මාධ්‍යද බන් මේ. ඉදකින් චික් විතරක්. කාන්තාවගෙ නම ගම ජාතකේ දාල මූන වහල. මුනුත් කරල තියෙන්නෙ එක්තරා නිරුවත් කිරීමක්නෙ. ගියපු ඒජන්සියෙ ජාතකේ කියන්න බය මොකද. අර අසරනීගෙ වගේම ඒජන්සියෙත් ජාතකේ දාපල්ල. බලු හැත්ත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56