AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයේ ලොකී ෆර්ගසන්ගෙන් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පැපුවා නිව් ගිනියාව සමඟ පැවති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.

පැපුවා නිව් ගිනියාව පරාජය කරමින් නවසීලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු 07කින්.

මෙම තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී පන්දු යවන්නෙක් සිය පන්දුවාර 04 තුළ කිසිඳු ලකුණක් ලබා නොදී කඩුලු 03ක් දවාගනිමින්.

එමෙන්ම ෆර්ගසන් වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී එවැනි දස්කමක් දැක් වූ පළමු ක්‍රීඩකයා බවටත් පත් වෙමින්.

33 හැවිරිදි මෙම වේගපන්දු යවන්නා ඊයේ තරගයේ දී සිය පළමු පන්දුවෙන්ම පැපුවා නිව්ගිනියා නායක අසාද් වාලා ලකුණු 06 කට දවාගත් අතර, පැපුවා නිව් ගිනියා ඉනිමේ 12 වන ඕවරයේ දී චාල්ස් අමිනී ලකුණු 17ක් ලබා සිටිය දී දවාගත්තා.

ඊට අමතරව පැපුවා නිව් ගිනියා ඉනිමේ 14 වන පන්දු වාරයේ දී ෆර්ගසන්ට සිය තුන්වන කඩුල්ල ලෙස චැඩ් සෝපර් එක් ලකුණකට දවාගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?