නවසීලන්තයේ ලොකී ෆර්ගසන්ගෙන් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පැපුවා නිව් ගිනියාව සමඟ පැවති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.

පැපුවා නිව් ගිනියාව පරාජය කරමින් නවසීලන්තය මෙම තරගය ජයගත්තේ කඩුලු 07කින්.

මෙම තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී පන්දු යවන්නෙක් සිය පන්දුවාර 04 තුළ කිසිඳු ලකුණක් ලබා නොදී කඩුලු 03ක් දවාගනිමින්.

එමෙන්ම ෆර්ගසන් වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී එවැනි දස්කමක් දැක් වූ පළමු ක්‍රීඩකයා බවටත් පත් වෙමින්.

33 හැවිරිදි මෙම වේගපන්දු යවන්නා ඊයේ තරගයේ දී සිය පළමු පන්දුවෙන්ම පැපුවා නිව්ගිනියා නායක අසාද් වාලා ලකුණු 06 කට දවාගත් අතර, පැපුවා නිව් ගිනියා ඉනිමේ 12 වන ඕවරයේ දී චාල්ස් අමිනී ලකුණු 17ක් ලබා සිටිය දී දවාගත්තා.

ඊට අමතරව පැපුවා නිව් ගිනියා ඉනිමේ 14 වන පන්දු වාරයේ දී ෆර්ගසන්ට සිය තුන්වන කඩුල්ල ලෙස චැඩ් සෝපර් එක් ලකුණකට දවාගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30