AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සයදෙනෙකුගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කල කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව විවිධ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි මෙම සැකකාරිනියව ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණේ.

ගම්පොළ ,කුරුඳුවත්ත, නාරන්විට ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් සය දෙනකු ගම්පොළ හා කුරුඳුවත්ත පොලිස් ස්ථාන වෙත කළ පැමිණිලිවලට අනුව ගම්පොළ පොලිසියේ අපරාධ අංශය සිදු කළ මැදිහත්වීමක් මත විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරින් පැමිණ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරුණා.

අත් අඩංගුවට ගත් සැකකාරිනිය 36 හැවිරිදි ගම්පොළ – මරියවත්ත ප්‍රදේශයේ කුලී නිවසක දී යි පොලිස් අත්අඩංගුවට ගැනුණේ.

එක් පුද්ගලයකුගෙන් රුපියල් 580,000 බැගින් මෙම සැකකාරිනිය ලබාගෙන තිබෙනවා.

ඉන්පසු ඔවුන් මගහැර ඇගේ ස්ථිර පදිංචිය ද වෙනස්කර සිටියදීයි මේ පිළිබඳ ව එම පිරිස පොලිසියට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත්තේ.

විදේශ රැකියා ලබාදෙනවා යැයි පැවසූ වෙනත් පුද්ගලයකුට තමා ලබාගත් මුදල් ලබා දුන් බව ද ඇය පොලිසියට පවසා තිබෙනවා.

ලියාපදිංචි නොමැති විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාම සහ මූල්‍ය වංචා කිරීම ඇයට එරෙහි ව ඇති චෝදනා වන අතර ගම්පොළ අධිකරණයට ඇයව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?