රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහෝසිවීම ගැන කථානායකගේ පැහැදිලි කිරීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ප්‍රධාන විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව බවය.

කථානායකවරයා පවසන්නේ, විපක්ෂය විසින් චෝදනා කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඊ) වගන්තිය යටතේ රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවය.

“එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අවසරය කලින්නොලබා නොකඩවා මාස 03ක් පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට නොපැමිණීමෙන් මන්ත්‍රීධුරය අහෝසිවේ.”

කෙසේනමුත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහතින්,

002
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?