ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත‍්‍රීවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.
ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත්තේ පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති වරයා වන මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බවයි.
එහිදී ජගත් කුමාර මන්ත්‍රීවරයා ‘මට ඕනෑ හැටියට තමා මම කරන්නේ’ යනුවෙන් පැවසීමත් සමග සභාව උණුසුම් වී ඇත.
පසුව සභාවේ වැඩ කටයුතු නවතා දමා පොලිස් ආරක්ෂාව මැද මන්ත්‍රීවරයා පිටව ගොස් තිබේ.
එහිදී ඔහු පිටව යද්දී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හූ කියමින් ඔහුට විරෝධය දක්වා ඇති අතර ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

Niyama Smith Untah gahanna one pahara balanna mun ape rata kanawa