ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

අද අලුයම 02.58 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක්දින තරගාවලි ද්විත්වය සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සියල්ල ද ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේ.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ.

එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුදීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පැවසූ චමරි අතපත්තු එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය, තරගයෙන් තරගය හොඳින් සැළසුම් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16