වඳුරු සහ රිලා ගහණය බෝවීම පාලනයට පේරාදෙණිය සරසවියෙන් අලුත් ක්‍රමයක් (ඡායාරූප)

බෝවීම පාලනය කිරීමේ අරමුණින් රිළවියන් සහ වැදිරියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීමට ඇති හැකියාව සම්බන්ධ සාර්ථක පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මඟින් සිදුකර තිබෙනවා.

ඒ, අනුව රිළවියන් සහ වැදිරියන්ට ගැළපෙන අයුරින් නව ලූපයක් නිර්මාණය කර එය රිළවියකගේ ගර්භාෂයේ තැන්පත් කිරීම ඊයේ (24) සාර්ථකව සිදුකරනු ලැබුවා.

එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු එක හමාරක පමණ වන රිළවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණා.

සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැකගැනීමට ලැබුණු බවයි මෙම පරීක්ෂණය සඳහා සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කළේ.

කාන්තාවන් ගැබ් ගැනීම වැලැක්වීම සඳහා උපත් පාලන ක්‍රමයක් ලෙස මේ ආකාර පැළඳවී සිදුකරන බවත්, මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණ අසාර්ථක වීම හේතුවෙන් ප්‍රමාණයෙන් කුඩා නව ලූපය නිර්මාණය කළ බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

රිළවියකගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත්, ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් හේතුවෙන් තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවනාතාව වැඩි බවත් කුඩා ප්‍රමාණයට නිර්මාණය කළ නව ලූපය පිතටට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ලූපය තැන්පත් කිරීම සඳහා සත්වයා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බවත්, අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ කාලයක් ගතවන බවත් පැවසූ මහාචාර්යවරයා මෙය මෙරට රිලා ගහණය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදාගැනීමට ඇති හැකියාව වැඩි බව ද සඳහන් කර සිටියා.

වසර 20ක පමණ අයු කාලයක් ඇති රිළවියක් සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 -15 අතර සංඛ්‍යාවක් බිහි කරනවා.

මේ හේතුවෙන් රිළා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍යය කරණයක් බවට සියලු පාර්ශ්ව හඳුනාගෙන ඇති බවයි මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවේ.

මෙම නව ක්‍රමයේ දී පැයක පමණ කාලයක දී ලූපය තැන්පත් කර සත්වයා යළි වනයට මුදාහැරීමට හැකි බව ද ඔහු පවසා සිටියා.

වන්ද්‍යාකරණ සැත්කමකට ලක්කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සත්වයා රැකබලා ගැනීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍යය මානව සම්පත ද වැඩිවීම හේතුවෙන් වැයවන මුදල ද ඉහළ අගයක් ගනු ලබනවා.

ඒ, අනුව ලූපය තැන්පත් කළ රිළවිය ස්කෑන් පරීක්ෂණයක් මගින් පරීක්ෂණයේ සාර්ථකත්වය තහවුරු කර ගත හැකි බවද මේ ක්‍රමවේදයේ සඳහා වැය වනුයේ රුපියල් දෙදහසක් වැනි මුදලක් බව ද මහාචාර්යවරයා පවසා සිටියා.

මෙරට එළවළු හා පළතුරු නිෂ්පාදනයට මෙන්ම ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට ද මේ වනවිට රිලව්න්ගෙන් සහ වඳුරන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.

0
vlcsnap 2024 04 24 14h09m23s745
vlcsnap 2024 04 24 14h10m07s905
vlcsnap 2024 04 24 14h10m24s600
vlcsnap 2024 04 24 14h09m44s360
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?