ජෙකොබ් ඩෆීට T20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ මුල් පුටුව

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම් අනුව එහි පළමු තැන ලබා ගන්නට නවසීලන්තයේ වේග පන්දු යවන්නෙකු වන ජෙකොබ් ඩෆී (Jacob Duffy) සමත් ව තිබෙනවා.

අප්‍රේල් මස 01 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කර ඇති අතර ඩෆී ස්ථාන 04කින් ඉදිරියට ඒමටයි සමත් ව ඇත්තේ.

ඩෆී පසුගියදා වෙලින්ග්ටන් හි දී සංචාරක පාකිස්තානයට එරෙහිව පැවති T20 තරගයේ දී දක්වන ලද විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම ස්ථානය හිමි ව තිබෙනවා.

ඩෆී පාකිස්තානයට එරෙහිව තරග 05ක දී කඩුලු 13ක් බිඳ හෙලීමට සමත් වුණා.

විශේෂයෙන් ම ලකුණු 14කට කඩුලු 04ක් දවා ගනිමින් කඩුලු බිඳ දැමීමේ දී සාමාන්‍යය 8.38ක් ලෙසයි ඩෆී රඳවාගෙන ඇත්තේ.

එය ඩෆීගේ වෘත්තීය 20-20 තරග රටාවේ හොඳම පන්දු යැවීම ද වනවා.

මෙම දක්ෂතා හේතුවෙන් නවසීලන්තයට සංචාරක පාකිස්තානය තරග 4-1ක් ලෙස පරාජයට පත් කිරීමට ද හැකිවුණා.

නවතම යාවත්කාලීන කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක් ස්ථානයකින් පහත වැටී ඇත්තේ සිය ස්ථානය 5 බවට පත් කරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25