දුප්පත්කම නැති කරන්න හොඳම ක්‍රමය අධ්‍යාපනයයි – විපක්ෂ නායක

රටෙන් හරි අඩක් දිළිඳුබවට පත් වී ඇති මොහොතක ඒ තුලින් මිදීම සදහා අධ්‍යාපනය යොදා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 138 වැනි අදියර යටතේ අද (30) දින වව්නියාව, සෙට්ටිකුලම අරුවිත්තොට්ටම් සිවානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමටද ඔහු කටයුතු කළා.

වැඩිහිටියන් ලෙස මෙරට පාසල් දූ දරුවන්ට ලබා දිය හැකි හොඳම දායාදය අධ්‍යාපනය බවත් ඉඩම් ,දේපල ,යාන-වාහන සොරකම් කළ හැකි වුවත් කිසිම අයෙකුට අධ්‍යාපනය තුළින් ලැබෙන දැනුම හොරකම් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා

එසේම වසර 76ක ඉතිහාසය තුළ රටට වැඩක් කළේ රාජ්‍ය බලය සහ ආණ්ඩුවේ තනතුරු දරමින් වුවත් විපක්ෂයේ සිට රටට වැඩක් කළ එකම රජය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32