spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුප්පත්කම නැති කරන්න හොඳම ක්‍රමය අධ්‍යාපනයයි – විපක්ෂ නායක

රටෙන් හරි අඩක් දිළිඳුබවට පත් වී ඇති මොහොතක ඒ තුලින් මිදීම සදහා අධ්‍යාපනය යොදා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 138 වැනි අදියර යටතේ අද (30) දින වව්නියාව, සෙට්ටිකුලම අරුවිත්තොට්ටම් සිවානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමටද ඔහු කටයුතු කළා.

වැඩිහිටියන් ලෙස මෙරට පාසල් දූ දරුවන්ට ලබා දිය හැකි හොඳම දායාදය අධ්‍යාපනය බවත් ඉඩම් ,දේපල ,යාන-වාහන සොරකම් කළ හැකි වුවත් කිසිම අයෙකුට අධ්‍යාපනය තුළින් ලැබෙන දැනුම හොරකම් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා

එසේම වසර 76ක ඉතිහාසය තුළ රටට වැඩක් කළේ රාජ්‍ය බලය සහ ආණ්ඩුවේ තනතුරු දරමින් වුවත් විපක්ෂයේ සිට රටට වැඩක් කළ එකම රජය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?