අහමදාබාද් නුවරට කැඳවාගත් මුම්බායි පිළට ගුජරාටයෙන් ප්‍රබල ප්‍රහාරයක්

අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (24) රාත්‍රියේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජය ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තියුණු තරගයකින් පසු මෙම තරගය ජය ගත්තේ ලකුණු 06කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

එහිදී සායි සුදර්ශන් ලකුණු 45ක් සහ ගුජරාට් නව නායක ශුබ්මන් ගිල් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වසර දෙකකට පසු යළිත් අයි.පී.එල්. පිටියට පිවිසි ජස්ප්‍රිත් බුම්රා, ගුජරාට් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින්.

අනතුරුව ලකුණු 169ක අභියෝගාත්මක ඉලක්කය හඹා යාමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයි පිටියට පිවිසියා.

එහිදී මුම්බායි පිළට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට අස්මතුල්ලාහ් ඕමර්සායි ඉඩලබා නොදුන්නේ ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් ලකුණු ලබා ගන්නටත් පෙර දවාගනිමින්.

මුම්බායි පිළිතරු ඉනිමේ දී හිටපු නායක රෝහිත් ශර්මා ලකුණු 43ක් රැස්කළ අතර, ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 46ක් රැස් කළා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් මුම්බායි කණ්ඩායමට අවසන් පන්දුවාරය තුළ ලකුණු 19ක ඉලක්කයක් හිමි වූ අතර, එම පන්දුවාරය යැවූ උමේෂ් යාදෙව් ප්‍රතිවාදී මුම්බායි ක්‍රීඩකයින්ට ලබා දුන්නේ ලකුණු 12ක් පමණයි.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසානයේ මුම්බායි ලකුණු පුවරුව ලියවී තිබුණේ කඩුලු 09ක් දැවී ලකුණු 162ක් ලෙසටයි.

ඒ, අනුව මෙම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 06ක තියුණු ජයක් හිමි වුණා.

පන්දු යැවීමේ දී මොහිත් ශර්මා, ස්පෙන්සර් ජොන්සන්, උමේෂ් යාදෙව් සහ අස්මතුල්ලාහ් ඕමර්සායි අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14