13 හැවිරිදි දැරියක් පාසලේදී ඇද වැටී මිය යයි

කලවාන, මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) උදෑසන මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම පදිංචි ද 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

අද (06) දින ඇය පාසලේ උදෑසන රැස්වීමේදී පන්සිල් ගනිමින් සිටියදි ක්ලාන්තය සෑදී වැටී ඇති අතර පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකකු කියා සිටියා.

ඇයගේ දහහතර හැවිරිදි වැඩිමල් සහෝදරයාද පසුගිය කාලයේ වලිප්පු රෝගය සැදී මියගොස් තිබෙනවා.

එම පවුලේ සිටි දරුවන් දෙදෙනා මෙම දරුවන් වන අතර කලවාන මූලික රෝහල වෙත පැමිණි මියගිය ශිෂ්‍යාවගේ මව පාලනය කර ගැනීමට රෝහල් කාර්‍ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපතිගේ ප්‍රධානත්වයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27