පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (01) දින ආරම්භ කෙරුණා.

ඒ ගල්ගමුව කාසිකොටේ, ගැට දිවුල ප්‍රදේශයේදී.

කොළඹ – කන්කසන්තුරේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ 95 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය නිරන්තරයෙන් වන අලින් දුම්රියේ ගැටෙන ස්ථානයක්.

ගල්ගමුව, කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයෙන් වන අලින් දෙසීයක් පමණ දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නවා.

පසුගිය වසරේදී පමණක් මෙම ප්‍රදේශයේදී වන අලින් හත් දෙනකු දුම්රියේ ගැටී මිය ගිය අතර තවත් වන අලින් රැසකට තුවාල සිදුවුණා.

වන අලින්ගේත්, දුම්රියෙත් ආරක්‍ෂාව සඳහා කාලාන්තරයක් තිස්සේ විසඳුම් සෙවූ අතර, දුම්රිය මාර්ගයට යටින් දිවෙන වනජීවී උමං මාර්ගයක් පිළිබඳ සාකච්ඡාවට ලක් වන්නේ ඒ අනුවයි.

මෙය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ අලි – මිනිස් ගැටුම ගැන අලුතින් සිතමු වැඩසටහන යටතේ ඉදිරිපත් වූ යෝජනාවක්.

ඒ අනුව, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

මෙය හැඳින්වෙන්නේ දේශීය වනජීවීන් සංරක්ෂණ සඳහා ගෝලීය විසඳුමක් හඳුන්වාදීමක් ලෙසයි.

මෙය මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතියේම කොටසක්.

ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සූදානම්ව සිටියදී වන අලි රංචුවක් මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණෙන අයුරු ද අපිට දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12