spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (01) දින ආරම්භ කෙරුණා.

ඒ ගල්ගමුව කාසිකොටේ, ගැට දිවුල ප්‍රදේශයේදී.

කොළඹ – කන්කසන්තුරේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ 95 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය නිරන්තරයෙන් වන අලින් දුම්රියේ ගැටෙන ස්ථානයක්.

ගල්ගමුව, කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයෙන් වන අලින් දෙසීයක් පමණ දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නවා.

පසුගිය වසරේදී පමණක් මෙම ප්‍රදේශයේදී වන අලින් හත් දෙනකු දුම්රියේ ගැටී මිය ගිය අතර තවත් වන අලින් රැසකට තුවාල සිදුවුණා.

වන අලින්ගේත්, දුම්රියෙත් ආරක්‍ෂාව සඳහා කාලාන්තරයක් තිස්සේ විසඳුම් සෙවූ අතර, දුම්රිය මාර්ගයට යටින් දිවෙන වනජීවී උමං මාර්ගයක් පිළිබඳ සාකච්ඡාවට ලක් වන්නේ ඒ අනුවයි.

මෙය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ අලි – මිනිස් ගැටුම ගැන අලුතින් සිතමු වැඩසටහන යටතේ ඉදිරිපත් වූ යෝජනාවක්.

ඒ අනුව, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

මෙය හැඳින්වෙන්නේ දේශීය වනජීවීන් සංරක්ෂණ සඳහා ගෝලීය විසඳුමක් හඳුන්වාදීමක් ලෙසයි.

මෙය මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතියේම කොටසක්.

ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සූදානම්ව සිටියදී වන අලි රංචුවක් මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණෙන අයුරු ද අපිට දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?